Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 18:31:19 Hours

ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ප්‍රධානි යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ නියෝජිත පිරිස් ප්‍රධානි ක්ලෙයාර් මෙට්රොඩ් මහත්මිය සමඟින් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ වව්නියා ප්‍රදේශයේ ප්‍රධානි විල්සන් මොන්ඩල් මහතා බ්‍රහස්පතින්දා (19) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යාපනය අර්ධද්වීපයේ වත්මන් තත්වය සහ පශ්චාත් ගැටුම්කාරි වතාවරණයෙන් පසු හමුදාමය සම්බන්ධතා, අවස්ථාවන් සහ අභියෝග පිළිබඳව මෙහිදි කරුණු ඉදිරිපත් කරන ලදි. එමෙන්ම, දැනට යාපනය ප්‍රදේශයේ සංහිඳියාව සහ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති පිළිබඳව ද පැහැදිලි කරන ලදි.

මෙම හමුව අවසානයේ මේජර් ජෙනරාල් සේනානායක විසින් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ප්‍රධානි වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

Nike air jordan Sneakers | Asics Onitsuka Tiger