25th January 2017 14:13:15 Hours
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්වීම යටතේ එම මුලස්ථාන විසින් බදාදා පුහුණු දින දේශන යටතේ බ්‍රහස්පතින්දා (26) දින මුලතිව් ආරක්ෂක සේනා ශ්‍රවණාගාරයේ දී ‘Effective Procurement’ මැයෙන් දේශනයක් පවත්වන ලදි.
මෙම හරවත් දේශනය 16 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්ඩිඑම්පි වීරසිංහ සහ 6 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් සී වඩුසිංහ විසින් පැවැත්වූහ.
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන, කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
bridgemedia | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ