29th January 2017 09:01:47 Hours
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පුහුණුව ලබන පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හි දී යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, මීට පෙර ඔවුන් කිලිනොච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයන්හි ද සංචාරය කරන ලදි.
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත හා පුහුණු) ලුතිතන් කර්නල් ඉන්දික මෙන්ඩිස් සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (පුහුණු) මේජර් විපුල බණ්ඩාර විසින් එහි පැමිණි මෙම කෙඩෙට් නිලධාරින් පිළිගන්නා ලදි.
අනතුරුව, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් උදය කුමාර විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ‘වගකිම් හා කාර්ය භාර්යයන් මෙන්ම පශ්චාත් යුද සමයේ යුද හමුදා සහාය’ පිළිබඳ ඉදිරිපත් කිරිමක් ද සිදු කෙරිනි.
මෙහි දී පැවති ප්‍රශ්න හා පිළිතුරු සැසියේ දී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් යාපනය අර්ධද්වීපයේ වත්මන් තත්වය සහ එහි වාසය කරන සිවිල් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිම සඳහා යුද හමුදාව මඟින් ගන්නා ලද ක්‍රියාමාර්ග මෙන්ම එමගින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් දැනුවත් කරන ලදි.
මෙම සැසිය අවසානයේ පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.
ඉන්පසු, මෙම පිරිස යාපනය අවතැන් වූ ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් ඉදිකරනු ලබන කීරමලේ නිවාස ව්‍යාපෘතියේ හි සංචාරයක නිරත විය.
513 බලසේනාවේ බලසේනා මේජර්, මේජර් ප්‍රියංකර කන්කානිගේ විසින් කිරිමලේ ව්‍යාපෘතිය මඟින් සංහිඳියාව කෙරෙහි ඇති වූ බලපෑම් මෙන්ම ඉංජිනේරු සේවා බලකායේ ලුතිතන් රසික සමරසිංහ විසින් එම ඉදිකිරිම් හි තාක්ෂණික අංශය පිළිබඳවත් ඔවුන් දැනුවත් කරන ලදි.
එදින අවසන් අංගය ලෙස මෙම කෙඩෙට් නිලධාරීන්, නිලධාරී නිවස්නයේ සන්ධ්‍යාවේ පැවති අවස්ථාවට එක් වූ අතර, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Nike Sneakers | FASHION NEWS