Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2017 14:12:46 Hours

ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මියගිය රණවිරුවන් හට හා රාජකාරියේ නියුතු සියලුම භටපිරිස් වෙත ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් බදාදා (25) දින සංවිධානය කරන ලදි.

කන්තලේ තල්ගස්වැව ශ්‍රී ධර්මාරාම රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය රත්මලානේ පාලිත ස්වාමීන්වහන්සේ විසින් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පැවති බෝධි පූජා පිංකම අතරතුරදී වටිනා ධර්මදේශණයක් පවත්වන ලද අතර, භටපිරිස් වෙත පිරිත් නූල් ද ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයන් ද එක්ව සිටියහ.

spy offers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify