25th January 2017 14:13:24 Hours
විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව හැදෑරුවන්ගේ දැනුම අලුත්කිරීමේ පාඨමාලාවක් කල්‍යාණපුර බලඇණි පුහුණු පාසලේදී බදාදා (25) දින ආරම්භ විය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග ගේ උපදෙස් මත මෙම පුහුණු පාඨමාලාව විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු පාඨමාලාව හදාරන ලද භටපිරිස්වල දැනුම අලුත්කිරීම සඳහා පවත්වන ලදි.
උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස මගින් සිදුකරන ලද බලඇණි පුහුණු පාසලේහි අලුත්වැඩියාවෙන් අනතුරුව මෙම පාඨමාලාව ආරම්භ කරන ලදි.
මෙම පුහුණු වැඩසටහන සඳහා නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයන් 32 දෙනෙකු සහභාගි වු අතර, 62 වන සේනාංකය මගින් මෙම පාඨමාලාව සදහා උපදේශක සහය ලබාදෙන ලදි.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර් කුලතුංග මෙම පාඨමාලාවේ ආරම්භක අවස්ථාවට සහභාගි වු අතර, 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ විජේසිංහ, මේජර් ජෙනරාල් එස්.එච්.එෆ්.පි පෙරේරා, 621, 622 බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස් විතානගේ ගේ මගපෙන්විම යටතේ එම මුලස්ථාන භට පිරිස්වල සාමාන්‍ය දැනිම වර්ධනය කිරිමේ අරමුණින් යුතුව තවත් එක් බදාදා දින පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.
මෙහිදි විශේෂ බලකායේ මේජර් එච්.එම්.ජේ.ඩබ්. බංඩාර විසින් ‘නාගලන්ත අරගලය’ මැයෙන් ඉතා වැදගත් දේශණයක් පැවැත් වු අතර, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරි ජි.එම්.ඒ ධම්මික විසින් මෝටර් රථ අනතුරු වැලැක්වීම පිළිබඳව සෙසුනිලයන් සඳහා දේශණයක් පවත්වන ලදි.
මෙම පුහුණු වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනා හා ඒකකයන්හි භටපිරිස් එක්ව සිටියහ.
latest Running Sneakers | Air Jordan Release Dates Calendar