24th January 2017 14:37:46 Hours
ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන පාසලේදි පැවති උපකරණ පාලක නිලධාරින් සදහා වු භට කාර්ය සම්පාදන වැඩමුළුව සෙනසුරාදා (14) දින එම ශ්‍රවණාගාරයේදි අවසන් විය.
ජනවාරි 12 දින සිට 14 දින දක්වා දින 03 ක් පුරා පැවති මෙම වැඩමුළුවේ අරමුණ වුයේ උපකරණ පාලක නිලධාරින් හට ඔවුන්ගේ කාර්යභාරයන් පිළිබද දැනුම වර්ධනය කිරීම වේ.
මේ සදහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේනාංක, බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් 27 දෙනෙකු සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු භට කාර්ය සම්පාදන පාසලෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ජි.අයි විද්‍යානන්ද විසින් ඔවුන් හට සහතිකපත් ප්‍රදානය කරන ලදි.
භට කාර්ය සම්පාදන පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක කර්නල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Sports Shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE