Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2017 14:12:51 Hours

තවත් බලඇණි පුහුණු පාඨමාලාවක් ආරම්භ වේ

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 12 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා බලඇණි පුහුණු පාඨමාලාවක් පසුගිය දා යාපනය, කොඩිකාමම්, විදත්තපලෙයි 52 සේනාංක බලඇණි පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.

ජනවාරි මස 06 වන දින ආරම්භ වූ මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ. වන්නිආරච්චි විසින් සිදු කළහ.

මෙම පාඨමාලාවේ දී ඒ සඳහා සහභාගි වූ නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් වෙඩිතැබීම, ශාරීරික යෝග්‍යතා පරික්ෂණය, සිතියම් කියවීම, කැලෑ සටන් සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ දැනුම ලබාදෙනු ලැබේ.

Sports brands | Marki