2017-11-03 12:15:18
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල බ්‍රහස්පතින්දා (02) දින ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි නව ආඥාපතිවරයා වෙත සම්මාන ආචාර මුරයක් පිලිගැන්වීමෙන් අනතුරුව...
2017-11-03 11:41:47
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස්හි දායකත්වයෙන්කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොල් පැළ 2500 ක් රෝපණය කිරීමේ තවත් දැවැන්ත ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කරනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ‘ජාතික රුක් රෝපණ වැඩසටහන - 2017’ට සමගාමීව මෙම වැඩසටහන යුද්ධ හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
2017-11-02 22:14:25
කිලිනොච්චි අරසපුරකුලම්හි ස්ථාපිත බලඇණි පුහුණු පාසලේ දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව තිබු පානීය ජල ගැටලුවට 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පිටවලාන ගේ ඉල්ලීමකට අනුව ජිනසේන පුද්ගලික සමාගම විසින් පරිත්‍යාගයක් ලෙස ලීටර් 5000 ක ප්ලාස්ටික් වතුර ටැංකියක්, ජලය පිරිපහදු ඒකකයක්, වතුර මෝටරයක් සහ ජලනල පද්ධතිවලින් අංගසම්පුර්ණ ජල ඒකකයක් ස්ථාපනය කරන ලදි.
2017-11-02 22:10:44
මැලේසියා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ මැලේසියානු පැරාලිම්පික් කමිටුව සමඟ මැලේසියානු රෝදපුටු ටෙනිස් කණ්ඩායම එක්ව සංවිධානය කරනු ලැබු ‘18 වන මැලේසියානු විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017’ කුවාලා ලුම්පුර් පිහිටි ජාතික ටෙනිස් මධ්‍යස්ථානයේ දී ඔක්තෝබර් මස 29 සිට 31 දින දක්වා.....
2017-11-02 20:43:03
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සිය 27 වන සංවත්සර දිනය බදාදා (01) දින කුරුණෑගල, වැහැරවත්තේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ දී රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට මුල් තැනදෙමින් උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
2017-11-02 20:22:25
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් තවත් ප්‍රජා සත්කාරයක් ලෙස හේමාස් ලංකා පුද්ගලික සමාගමේ (Hemas Lanka PLC) මුල්‍ය දායකත්වයෙන් සඳුදා (30) දින වවුනියාව සැළලිහිණිගම නව පෙරවිය ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකොට ප්‍රජා අයිතියට පත් කරන ලදි.
2017-11-02 19:46:04
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසුතිය සඳහා රෝහල්ගත වී සිටින ගැබිනි මවුවරුන් 30 දෙනෙකු හමුවි ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයාබලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන ලදි.
2017-11-01 14:37:29
විස්සයි 20 ක්‍රිකට් තරඟාවලි සහ එක්දින ක්‍රිකට් තරඟයන්හි විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරි II අසේල ගුණරත්න පසුගිය 31 වනදා රාත්‍රියේ වෝටර්ස් එජ්හි පවත්වන ලද ‘ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල - 2017’ හිදී වසරේ ක්‍රීඩකයා, වසරේ නැගී එන ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.
2017-11-01 14:25:38
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් තලගල භාවනා විහාරස්ථානයේ ‘සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය දායකත්වයෙන් පුල්මුඩෙයි, විරුජයපුර ග්‍රාමයේ පදිංචි දිළිඳු පවුලක් සඳහා නිවසක් ඉදිකර සිකුරාදා (20) දින චාම් උත්සවයකදී එම පවුලේ අයවළුන් සඳහා භාරදෙන ලදි.
2017-10-31 19:32:34
මන්නාරම වෙඩිතලතිව්හි පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ යුද උපක්‍රම පුහුණු පාසලේ පාඨමාලා අංක 5 යටතේ විශේෂ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 141 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාකර සෙනසුරාදා (28) දින විසිර යන ලදි. ශාරීරික පුහුණු අභ්‍යාස සහ තූර්යවාදක සංදර්ශණයකින් සමන්විත වූ සෙබළුන් විසිරයාමේ පෙළපාලියේ.....