03rd November 2017 12:15:18 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල බ්‍රහස්පතින්දා (02) දින ආගමික වතාවන්ට මුල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි නව ආඥාපතිවරයා වෙත සම්මාන ආචාර මුරයක් පිලිගැන්වීමෙන් අනතුරුව සිය කාර්යාලයට පැමිණි නව ආඥාපතිවරයා ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා කාර්යාලයේ නිල ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ වැඩ භාරගැනීම සනිටුහන් කළහ.
නව ආඥාපතිවරයා ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය. නව ධුරයේ රාජකාරි භාරගත් නව ආඥාපතිවරයා භට පිරිස් අමතමින් තම අනාගත කාර්යභාරයන් පිළිබඳව මෙහිදි පැහැදිලි කලහ.
මේජර් ජෙනරාල් නන්දන සේනාධිර යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රමයාමත් සමඟ 23 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රජකාරි කල මේජර් ජෙනරාල් පනන්වල නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස සිය ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.
Mysneakers | Air Jordan Release Dates Calendar