Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2017 14:25:38 Hours

පුල්මුඩෙයි දිළිඳු පවුලක් වෙත නව නිවසක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් තලගල භාවනා විහාරස්ථානයේ ‘සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය දායකත්වයෙන් පුල්මුඩෙයි, විරුජයපුර ග්‍රාමයේ පදිංචි දිළිඳු පවුලක් සඳහා නිවසක් ඉදිකර සිකුරාදා (20) දින චාම් උත්සවයකදී එම පවුලේ අයවළුන් සඳහා භාරදෙන ලදි.

62 වන සේනාංකයට අයත් 622 බලසේනාවේ 27 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් මෙම ඉදිකිරිම් කටයුතු සඳහා ඉංජිනේරු සහ තාක්ෂණික සහාය ලබාදෙනු ලැබීය.

පූජ්‍ය තලගල සුමනරතන නායක ස්වාමින් වහන්සේගේ මුලිකත්වයෙන් මෙම නව නිවසේ යතුරු ප්‍රදානය සිදුකළ අතර, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජීව වනිගසිංහ, 622 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න, විරුජයපුර ගම්මානයේ වැසියන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running Sneakers Store | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes