Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2017 20:43:03 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සිය රෙජිමේන්තු දිනය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සිය 27 වන සංවත්සර දිනය බදාදා (01) දින කුරුණෑගල, වැහැරවත්තේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ දී රටවෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට මුල් තැනදෙමින් උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු මෙම සමරු උළෙලට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සහභාගි වුහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් නලින් බණ්ඩාරනායක විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

රණවිරු ස්මාරකය අභියස දී විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය සියලුම රණවිරුවන් සිහිපත් කරමින් එදින වැඩසටහන ආරම්භ කළ අතර, සියලු ආගම්වල ආගමික නායකයින් විසින් ආගමික වතාවත් ද සිදු කළහ. අනතුරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් ද රණවිරු ස්මාරකය පාමුල මල් කළඹක් තැන්පත් කර එම විරෝදාර රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපහාර දක්වන ලදී. හිරු නැගෙන මොහොතේදිත් හිරු බැසයන මොහොතේදිත් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬත් සමඟින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රණවිරු සැමරුම් උත්සවයේ කටයුතු අවසන් විය.

සංවත්සර දිනයේ දී, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු පරිශ්‍රයට සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනැමු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එච්.එම්.ඩබ්ලිව්.බි. තම්මිට සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස්හි පවුල්වල සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

අනතුරුව, රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කල අතර, සිත් ගන්නා සරඹ සංදර්ශනය නැරඹීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට ද එතුමන් පෙනී සිටියහ. අනතුරුව පවත්වන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද එතුමන් සහභාගි විය.

සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි රුවිනි සුජිවා වික්‍රමරත්න මහත්මිය, රෙජිමේන්තු අධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, අණදෙන නිලධාරින්. රෙජිමේන්තු මණ්ඩලික නිලධාරින්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරින් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සමගින් සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

සංවත්සර උත්සවයට සමගාමීව ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට ආශිර්වාද පතා පිරිත් සඡ්ඡායනාවක් පැවැත්වු අතර, ඊට පසු දින මහසඟරුවන වෙත හීල් දානය සහ දහවල් දානය ද පිරිනමනු ලැබීය.

Running sports | Women's Designer Sneakers - Luxury Shopping