Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2017 19:46:04 Hours

ගැබිනි මවුවරුන්ට කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කාන්තා සෙබලියන්ගේ උපකාර

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළියන් කිලිනොච්චි දිස්ත්‍රික් රෝහලේ දරු ප්‍රසුතිය සඳහා රෝහල්ගත වී සිටින ගැබිනි මවුවරුන් 30 දෙනෙකු හමුවි ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයාබලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන ලදි.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිණියන් සහ කාන්තා සෙබළියන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 750/= ක වටිනාකමින් යුත් පර්සල් සෑම ගැබිනි මවකටම පරිත්‍යාග කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්විම යටතේ 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් හා සෙබළියන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින්ගේ සම්බන්ධතාවයෙන් යුතුව මෙම ගැබිනි කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා ඔවුන්ට ආර්ථිකමය වශයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීම තුලින් ඔවුන් ධෛර්යමත් කිරිමේ වැඩසටහන් රාශියක් දියත් කර ඇත.

6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ දෙවන අණදෙන නිලධාරි මේජර් ජිවනි රාජපක්ෂ ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Nike sneakers | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4