Header

Sri Lanka Army

Defender of the Nation

03rd November 2017 11:41:47 Hours

කිලිනොච්චියේ පොල් පැළ 2500 ක් රෝපණය කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස්හි දායකත්වයෙන්කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොල් පැළ 2500 ක් රෝපණය කිරීමේ තවත් දැවැන්ත ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ‘ජාතික රුක් රෝපණ වැඩසටහන - 2017’ට සමගාමීව මෙම වැඩසටහන යුද්ධ හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ අධීක්ෂණයෙන් 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් බදාදා (01) දින පැළ රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය සංවිධානයකරන ලදි.

සාමාන්‍ය වැසියන් අතර පැළ බෙදාදීම සංකේතවත් කරමින් පවත්වන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි විය.

57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පොල් පැල 2500 ක ප්‍රමාණයක් 57 වන සේනංකය යටතේ ස්ථාපිත බලසේනා සහ සියලු ඒකකයන් සහභාගිත්වයෙන් රෝපණය කිරීමට අදහස් කර ඇත.

යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව 57 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන කෙටි දේශනයක් සිදු කරමින් මෙහිදි අවධාරණය කළහ.

සියලුම බලසේනාධිපතිවරු, අණදෙන නිලධාරින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, යුද්ධ හමුදා සාමාජිකයින් සමගින් මුලතිව් දිස්ත්‍රික් පොල් සංවර්ධන නිලධාරි කසුන් රත්නායක මහතා සහ කිලිනොච්චි දිස්ත්‍රික් පොල් සංවර්ධන නිලධාරි ධනුජන් මහතා ද මෙම පැළ සිටුවීමේ සමාරම්භක උත්සවය සඳහා සහභාගි විය.

උත්සව වැඩසටහනේ දි මුලතිව් දිස්ත්‍රික් පොල් සංවර්ධන නිලධාරි කසුන් රත්නායක මහතා ‘සාර්ථක පොල් වගාවක්’ සිදු කිරීම පිළිබඳව දේශණයක් ඉදිරිපත් කළහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් ‘එක්ව නැගිටිමු - ධාන්‍යාගාරය පුරවමු’ යන තේමාවෙන් කැකිරාව, තිබ්බොටුවාව වැව අභියස පැවැත්වු වප්මඟුල් උත්සවයට සමගාමීව මෙසේ කිලිනොච්චියේ පොල් වගා කිරීමේ දැවැන්ත ව්‍යාපාරය හමුදා භට පිරිස් විසින් ආරම්භ කරන ලදි.

Running sport media | Nike sneakers