Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2017 22:14:25 Hours

දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව තිබු පානීය ජල අවශ්‍යතාවය ‘ජිනසේන සමාගම’ විසින් සපුරයි

කිලිනොච්චි අරසපුරකුලම්හි ස්ථාපිත බලඇණි පුහුණු පාසලේ දිර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව තිබු පානීය ජල ගැටලුවට 66 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පිටවලාන ගේ ඉල්ලීමකට අනුව ජිනසේන පුද්ගලික සමාගම විසින් පරිත්‍යාගයක් ලෙස ලීටර් 5000 ක ප්ලාස්ටික් වතුර ටැංකියක්, ජලය පිරිපහදු ඒකකයක්, වතුර මෝටරයක් සහ ජලනල පද්ධතිවලින් අංගසම්පුර්ණ ජල ඒකකයක් ස්ථාපනය කරන ලදි.

රුපියල් 515,000/= ක මුල්‍යමය වටිනාකමින් යුත් ව්‍යාපෘතිය එම ආයතනයේ තාක්ෂණික නිලධාරින් 7 දෙනෙකුගේ කාණ්ඩායමක් විසින් ස්ථාපනය කරන ලද අතර, එයින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ හා ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජනයට අවැසි පිරිසිදු ජල අවශ්‍යතාවය සපුරාදීමට හැකි වී ඇත.

මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, ජිනසේන පදනමේ සභාපති තිස්ස ජිනසේන මහතා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (24) දින ජල ඒකකයවිවෘත කරන ලදී. මේ සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ආශීර්වාදය ද ලැබී තිබුණි.

පසුගිය ජුලි මාසයේ උක්ත ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රදේශයේ සංචාරයේ යෙදුණු ජනසේන සමාගමේ නිලධාරින් පිරිසක් වැසිරහිත නියඟය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය පිලිබඳව අවබෝධ කරගැනීමෙන් අනතුරුව ඊට විසඳුමක් ලෙස උක්ත ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි.

කිලිනොච්චි අරසපුරකුලම් පිහිටි බලඇණි පාසල 2011 මැයි මස ස්ථාපනය කරන ලද අතර, එය පුහුණු පාසලක් ලෙස ස්ථාපනය කරන ලදි. යෝග පාඨමාලා වැඩමුළු, නායකත්ව පුහුණු, බුද්ධි පාඨමාලා, බෝම්බ නිශ්ක්‍රිය අංශ, සුනඛයින් පුහුණු කිරීම මෙන්ම යුද්ධ හමුදාවේ භට පිරිස්හි කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා මෙම පුහුණු ආයතනය මගින් ඉමහත් සේවාවක් ඉටු වනු ඇත.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරීන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලිකුඩා ග්‍රාමසේවා වසමෙහි අරසපුරකුලම් ගම්මානය ඉතා දුෂ්කර පෙදෙසක පිහිටි ඇත. එක් අවස්ථාවකදි 500 ක පමණ යුද්ධ හමුදා භට පිරිස් පුහුණු කිරීමට අවැසි ඉඩකඩ මෙහි පවති. එහෙත් මෙහි පානීය ජල ගැටළුව නිරන්තරයෙන්ම මෙම පුහුණු කටයුතු සඳහා ප්‍රධානතම බාධාවක් වන අතර, ප්‍රදේශයේ ජල හිඟය සහ වර්ෂාපතනය නොමැතිවීම ද ඒ සඳහා ප්‍රබල බාධාවක්ව පැවතිණි. ජිනසේන සමාගමෙන් දැක්වු අනුග්‍රහය මත නැවතත් පුහුණු පාසලේ දෛනික කටයුතු ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සැලසීම යුද්ධ හමුදාවේ දැඩි පැසසුමට ලක්වී ඇත.

url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ