Header

Sri Lanka Army

Defender of the Nation

01st November 2017 14:37:29 Hours

ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේදී යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න ඇතුලු ක්‍රීඩකයින් ඇගයීමට

විස්සයි 20 ක්‍රිකට් තරඟාවලි සහ එක්දින ක්‍රිකට් තරඟයන්හි විශිෂ්ට දස්කම් පෑ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරි II අසේල ගුණරත්න පසුගිය 31 වනදා රාත්‍රියේ වෝටර්ස් එජ්හි පවත්වන ලද ‘ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල - 2017’ හිදී වසරේ ක්‍රීඩකයා, වසරේ නැගී එන ක්‍රීඩකයා සහ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානයන්ගෙන් පිදුම් ලැබීය.

මෙම සුවිශේෂී අවස්ථාවට ගෞරවණීය අමුත්තා ලෙස ලෝක කුසලාන ජයග්‍රාහක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කපිල් දේව් ඇතුළු විශිෂ්ට ලෝක ශූර ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක්ද සහභාගී විය. උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ අතර, සම්භාවනීය අමුත්තන් සියළු දෙනා උත්සව සංවිධායකයන් විසින් රතු පලස මතින් පිළිගන්නා ලදි.

 

'ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල - 2017' හිදී සම්මාන 60 කට වැඩි ප්‍රමාණයක් පිරිනැමූ අතර, යුද්ධ හමුදා සාමාජිකයින් සහ කණ්ඩායම් ලබාගත් ජයග්‍රහණ පහතින් දැක්වේ;

කාන්තා ක්‍රිකට් - (විස්සයි 20 – 1 වන කාණ්ඩය)

අනුශූරතාවය (2016) - යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය

කාන්තා ක්‍රිකට් - (පන්දුවාර 50 – 1 වන කාණ්ඩය)

අනුශූරතාවය (2016) - යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය

23 න් පහළ (1 වන කාණ්ඩය – විස්සයි 20)

ශූරතාවය (2016) - යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය

23 න් පහළ (1 වන කාණ්ඩය)

අනුශූරතාවය (2016) - යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය

වසරේ විස්සයි 20 තරඟයන්හි දක්ෂතම පිතිකරු

බලලත් නිලධාරි II අසේල ගුණරත්න

වසරේ විස්සයි 20 තරඟයන්හි දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා

බලලත් නිලධාරි II අසේල ගුණරත්න

වසරේ එක්දින තරඟයන්හි දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා

බලලත් නිලධාරි II අසේල ගුණරත්න

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා

බලලත් නිලධාරි II අසේල ගුණරත්න

Nike sneakers | Sneakers Nike