Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2017 19:32:34 Hours

ආධුනික සෙබළුන් 141 ක් වෙඩිතලතිව් පුහුණු පාසලේදී විසිර යයි

මන්නාරම වෙඩිතලතිව්හි පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂ යුද උපක්‍රම පුහුණු පාසලේ පාඨමාලා අංක 5 යටතේ විශේෂ පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 141 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව නිමාකර සෙනසුරාදා (28) දින විසිර යන ලදි.

ශාරීරික පුහුණු අභ්‍යාස සහ තූර්යවාදක සංදර්ශණයකින් සමන්විත වූ සෙබළුන් විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ සහභාගී වූ අතර, පාඨමාලාව සාර්ථකව හදාරා කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයින් ලෙස විසිර යන මෙම සෙබළුන් එහිදී කුසලතා සහතිකපත් ලැබීය.

මෙම ආධුනික පුහුණු පාඨමාලාවට හමුදා සරඹ, යුද භූමියේ හැසිරීම සහ උපක්‍රම, ශාරීරික අභ්‍යාස, සිතියම් කියවීම ඇතුළු හමුදා විෂයයන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් ඇතුලත් වූ අතර, පුහුණු පාඨමාලාවේ ප්‍රධාන උපදේශක ලෙස මේජර් පි.එච්.එස් නවරත්න ද, රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බලලත් නිලධාරි අයි.ආර් වනිගසිංහ ද, සරඹ උපදේශක ලෙස සැරයන් පි. කුමාර සහ ප්‍රධාන ශාරිරීක අභ්‍යාස උපදේශක ලෙස සැරයන් අයි.එල්.එම් ප්‍රේමරත්න ද කටයුතු කරන ලදි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද විසිර යන සෙබලුන්ගේ දෙමාපියන් ඥාතීන් සහ හිතවතුන් ද විසිරයාමේ පෙළපාලිය නැරඹිමට පැමිණ සිටියහ.

පාඨමාලාවේ විශේෂ කුසලාන සහතිකපත් ලැබුවන් පහතින් දැක්වේ;

හොඳම කණ්ඩය - ඇල්ෆා කණ්ඩය

හොඳම කණ්ඩ අණදෙන්නා - කපිතාන් ඩබ්.එම්.ආර් උදය කුමාර (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

හොඳම කණ්ඩ සැරයන් - සැරයන් ඊ.ආර් විජේසුරිය (ගජබා රෙජිමේන්තුව)

හොඳම ශාරිරික අභ්‍යාස උපදේශක - සාමාන්‍ය සෙබළ ටි. එරන්ග (ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව)

හොඳම වෙඩික්කරු - ආධුනික සෙබළ ඩි.බි බණ්ඩාර

ශක්තිමත්ම සෙබළා - ආධුනික සෙබළ ආර්.කේ කිර්තිරත්න

සෑම අතින්ම අතිශුර සෙබලා - ආධුනික සෙබළ එම්.එම් චතුරංග

bridge media | Nike Air Max 270