Header

Sri Lanka Army

Defender of the Nation

02nd November 2017 22:10:44 Hours

18 වන මැලේසියානු විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017 දී යුද්ධ හමුදා පැරාලිම්පික් මළල ක්‍රීඩකයින් දස්කම් දක්වයි

මැලේසියා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ මැලේසියානු පැරාලිම්පික් කමිටුව සමඟ මැලේසියානු රෝදපුටු ටෙනිස් කණ්ඩායම එක්ව සංවිධානය කරනු ලැබු ‘18 වන මැලේසියානු විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017’ කුවාලා ලුම්පුර් පිහිටි ජාතික ටෙනිස් මධ්‍යස්ථානයේ දී ඔක්තෝබර් මස 29 සිට 31 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පැරාලිමිපික් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් යුද්ධ හමුදා පැරා ටෙනිස් ක්‍රීඩකයින් සහභාගිවි විශිෂ්ඨ ජයක් අත්පත් කරගන්නා ලදි.

ඉන්දියාව, ඉන්දුනිසියාව,ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය, යේමනය, කොරියානු ජනරජය සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් පැරාලිම්පික් ක්‍රිඩකයින් 100 කට වැඩි පිරිසක් මෙම තරඟාවලිය සඳහා සහභාගි වුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මාණ්ඩලික සැරයන් දිසානායක ගාමිණි, කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවිර, ලාන්ස් බෝම්බඩියර් ඩි.එස්.ආර්. ධර්මසේන, කෝප්‍රල් එච්.එම්.එල්. සේනාරත්න සහ ජාතික කණ්ඩායම් පුහුණුකරු ජගත් වැලිකල සහභාගි විය.

මාණ්ඩලික සැරයන් දිසානායක ගාමිණි අවසන් තරඟයේ දී කොරියානු ප්‍රතිවාදි කණ්ඩායම පරාජයට පත් කරමින් රිදී පදක්කමක් දිනා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් තරඟකරුවන් ද අවසන් පුර්ව වටය දක්වා පැමිණි අතර, මෙම තරඟාවලිය නැරඹිමට සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහයෝගයට මැලේසියානු ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් ද සහභාගි විය.

Nike air jordan Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C