31st July 2025
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපතිගේ අධීක්‍ෂණය මත නීතිවිරෝධී පිරමිඩ ආයෝජන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් 2025 ජූලි මස 24 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය මත විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබිණි.
මෙම දේශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත පිරිසක් වන මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා අජානි ලියනපටබැඳි මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ චතුර ආරියදාස මහතා, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ යමිත්‍ර රණවීර මහතා සහ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්‍ෂ ගිම්හාන් මොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම දේශනය පෙරවරු 0900 සිට පස්වරු 1230 දක්වා පැවති අතර, එහිදී පිරමීඩ ආයෝජන ක්‍රම, ඒවායේ යාන්ත්‍රණයන් සහ මෙම යෝජනා ක්‍රම තුළින් පුද්ගලයන්ට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම වැනි කරුණු පිළිබඳව දැනුවත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා 1 බලකාය, ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක සහ බලසේනා, සියලුම රෙජිමේන්තු මූලස්ථාන සහ යුද්ධ හමුදා/රෙජිමේන්තු පුහුණු පාසල් ඇතුළුව සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආයතන නියෝජනය කරමින් නිලධාරින් 382 ක් සහභාගි වූහ.
එසේම මෙම දේශනයන් සඳහා මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ආයතන නියෝජනය කරමින් නිලධාරින් 1,391 දෙනෙක් සහ සෙසුනිලයන් 20,482 දෙනෙක් සහභාගි වූහ.