කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 60’ සාර්ථකව අවසන්

සටන් පුහුණු පාසලේදී පැවති ‘කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 60’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ජූලි මස 17 දින පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 87 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම නේවාසික පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයා වශයෙන් 4 වන විශේෂ බලකායේ කෝප්‍රල් ඩී.එම්.පී.එම් දිසානායක සම්මාන දිනාගන්නා ලදී.

සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP සහභාගි වූ අතර එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමාප්ති දේශනය පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.