කනිෂ්ඨ උපදේශක පාඨමාලාව අංක -108 සාර්ථකව අවසන්

කනිෂ්ඨ උපදේශක පාඨමාලාව අංක - 108 හි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 01 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස්. ද සිල්වා RSP ndc සහභාගී විය.

මෙම පාඨමාලාවට විවිධ රෙජිමේන්තු නියෝජනය කළ කොමිෂන් නොලත් නිලධාරීන් 51 දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.

2 කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.එස්.එස්. සෙනවිරත්න පාඨමාලාවේ හොඳම ශිෂ්‍යයාට හිමි ස්ථානය දිනාගත් අතර, පාඨමාලාවට සහභාගී වූවන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනයකින් පාඨමාලාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ප්‍රදර්ශනය කරන ලදී.

මෙම අවස්ථාවට අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.