30th October 2025
විදුලි කාර්මික, දැව ශිල්පීන් (ගොඩනැගිලි) සහ ඉදිකිරීම් ශිල්පීන් (පෙදරේරු) සඳහා වන ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටමේ (NVQ Level III) සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 17 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.ඒ. ලලිතධීර මහතා සමඟින් යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc ද සහභාගී විය.
විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් පාඨමාලාවට සහභාගිවූ සෙසුනිලයන් 83 දෙනෙකුට ඔවුන්ගේ වෘත්තීය ජයග්‍රහණ ඇගයීමට ලක්කරමින් ජාතික වෘත්තීය සුදුසුකම් ( NVQ ) සහතික පත් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ සහ තත්ත්ව කළමනාකරණ පද්ධති අංශයේ මංජුල විදානපතිරණ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.