19th November 2025
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් 2025 නොවැම්බර් මස 12 දින එම කඳවුරු භූමියේදී නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා පවත්වන ලදී.
ධනාත්මක චින්තනය සහ ආතති කළමනාකරණය පිළිබඳ ජාතික මට්ටමේ පුහුණුකාරිනියක් සහ කථිකාචාර්යවරියක් වන අමා දිසානායක මහත්මිය විසින් මෙම සැසිය පවත්වන ලදී.
මෙම දේශනය සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.