22nd May 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ මූලිකත්වයෙන් 2025 මැයි මස 12 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ලිලන්ති දොළගේ මහත්මිය සහභාගි වූහ.
මෙම උත්සවය අතරතුරදී, 2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, 2023 වර්ෂයේ අපොස (සා/පෙළ) විභාගය සහ 2022 හා 2023 වර්ෂයන්හි අපොස (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා සාමාජිකයන්ගේ දුවා දරුවන් 205 දෙනෙකු වෙනුවෙන් රුපියල් 4,735,000.00 කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල ලැබූ සිසු සිසුවියන් 16 දෙනෙකුට මෙම උත්සව අවස්ථාව අතරතුරදී රුපියල් 10,000.00 බැගින් වූ ශිෂ්‍යත්වයන් ප්‍රදානය කළ අතර අනෙකුත් දුවා දරුවන් වෙත ඔවුන්ගේ ළඟම ආරක්‍ෂක සේනා මූලස්ථානයන් ඔස්සේ මෙම ශිෂ්‍යත්වය පිරිනැමීමට නියමිතව ඇත.
එමෙන්ම, අපොස (සා/පෙළ) විභාගයෙන් ‘A’ සාමාර්ථ 9ක් ලබාගත් සිසු සිසුවියන් 27 දෙනෙකු වෙනුවෙන් රු. 25,000.00 බැගින් ද, විශ්වවිද්‍යාල වරම් ලද සිසු සිසුවියන් 57 දෙනෙකු වෙත රු. 50,000.00 ක මූලික තැන්පතුවක් ද පිරිනැමිණි. මීට අමතරව, සාලාව දමිළ ප්‍රාථමික විද්‍යාලයේ තෝරාගත් දුවා දරුවන් වෙනුවෙන් පාසල් පාවහන් සහ මේස් යුගල් 16 ක් පරිත්‍යාග කෙරිණි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද ශිෂ්‍යයෙකු විසින් ස්තූති කථාව පැවැත්වීය.
මෙම උත්සවය සඳහා සාලාව දමිළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති, සාලාව වතු අධිකාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, දෙමාපියන් සහ දුවා දරුවන් රැසක් සහභාගි වූහ.