උසස්වීම් ලද මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 මැයි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් වෙත නිල ලාංඡන පැළඳවීම සිදුකරන ලදී. එම අවස්ථාව සඳහා උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට නවතමයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩී බණ්ඩාර RWP RSP USP ndu psc, මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc, මේජර් ජෙනරල් ඒ.එම්.සී අබේකෝන් RWP RSP USP ndc, මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP, මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc, මේජර් ජෙනරල් ඩී.සී මහතන්තිල psc, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී ප්‍රනාන්දු USP ndc IG, මේජර් ජෙනරල් එස්.ඒ හෙට්ටිගේ RSP psc, මේජර් ජෙනරල් ආර්.ඩී සලේ ndc, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc සහ මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RWP RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්වූහ.

මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත මේජර් ජෙනරල් නිලයට හිමි අසිපත් පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුබපැතුම් ද පිරිනැමීය.