11th July 2025
නිවාස අවශ්‍යතා සහිත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.ජී.එම් මංගල වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් රාජාංගණය ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරනු ලැබූ අතර 2025 ජූලි මස 09 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එම නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත භාරදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය ගයාත්‍රි සල්ගාදු (MBBS, FACGP) මහත්මිය සහ වෛද්‍ය ආචාර්ය ප්‍රසාද් ගුණරුවන් මහතා (MBBS, FRACP, PhD, MRCP) විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණය මත එම රෙජිමේන්තු භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී. 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP සහ එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ භාර්යාව වන සමන්තා නිලන්ති ද සිල්වා මහත්මිය විසින් එම පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කරන ලදී.
මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදාරි අනුපමා ගමගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.