11th July 2025
සේවයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් 2025 ජූලි මස 09 දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සුභසාධන වැඩසටහනක් පැවැත්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. රෙජිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් මෙන්ම දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම පිළිබඳව අවධාරණය කළේය.
පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගි වූවන් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ මණ්ඩල සහ ශාඛා නියෝජනය කරමින් සහභාගි වූවන් විසින් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කෙරුණු ගැටළු සඳහා අවශ්‍ය විසඳුම් ලබාදෙන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් සහ අතිපූජ්‍ය ඊතළවැටුනවැවේ ඥානතිලක හිමිපාණන් ද බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.