7th May 2025
ගම්පොළ සහිරා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 අප්‍රේල් මස 23 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සහභාගි විය.
මෙම විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය. පසුව, රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc Isc සිය පාසල් මතකයන් යළි ආවර්ජනය කළ අතර, කණ්ඩායම් හැඟීම සහ දරාගැනීමේ හැකියාව වැඩි දියුණු කරන ක්‍රීඩාවේ වටිනාකම පෙන්වාදෙමින් අනාගත සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය දිරිගැන්වීම් එම සිසුන් වෙත ලබා දෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වය පාසල් කාර්ය මණ්ඩලයේ ඇගයීමට ද ලක්විය.