22nd May 2025
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් වයි.එම්.එස්.සී.බී ජයතිලක RSP USP 2025 මැයි මස 15 දින එම පුහුණු ආයතනයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගනු ලැබීය.
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රය වෙත පැමිණි නව සේනාවිධායකව එම පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක විසින් පිළිගනු ලැබූ අතර, පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරින් භාරගනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව, එම පුහුණු ආයතනයේ නිලධාරින් සහ සෙසුනිලයන් ඇමතීය.