8th May 2025
ධූරයෙන් නික්ම යන දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර RWP RSP වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 මැයි මස 07 දින එම පුහුණු පාසලේදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන සේනාවිධායක වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භටපිරිස් ඇමතූ අතර, අනතුරුව පුහුණු පාසලේ භටපිරිස් විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.