මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පවත්වයි

ජාතික රණවිරු දිනයට සමගාමීව, 2025 මැයි මස 29 දින මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, සම්භාවනීය අමුත්තන්, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරින්, රණවිරු පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.