සිවිල් ක්‍රියාකාරකම්
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් පලෙයි රෝහලේ රුධිර පරිත්‍යාග වැඩසටහනක්
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 23 දින පලෙයි රෝහලේ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී.
සිවිල් වැසියන්ගේ සහයෝගය මත යුද්ධ හමුදා භටපිරිස් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, මන්නාරම දිස්ත්‍රික්කයේ වෙසෙන සිවිල් වැසියන් විසින් 2025 පෙබරවාරි මස 23 දින වෙරළබඩ ප්‍රදේශ 24 කදී වෙරළ පිරිසිදු කිරීමේ වැසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් හා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.
උපවාස සමය සඳහා සූදානම් වන මුස්ලිම් වැසියන් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් වැඩසටහනක්
උපවාස සමය සඳහා සූදානම් වන මුස්ලිම් වැසියන්ට සහයෝගය දැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2025 පෙබරවාරි මස 24 දින හපුතලේ, දියතලාව සහ කහගොල්ල යන ප්‍රදේශයන්හි පිහිටි මුස්ලිම් පල්ලි වෙත රටඉඳි බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ තවත් එක් කොටසක් ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම සහ 212 හා 561 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය මත භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ ස්ථාපිත පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 20 වන දින පවත්වන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 20 දින පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc ගේ අධීක්‍ෂණය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ අධීක්‍ෂණය මත ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ පළමු අදියරේ කොටසක් ලෙස භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 20 දින පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
641 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
641 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 13 දින නාරංගමුව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් විශේෂ දේශනයක් පවත්වයි
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බදාදා පුහුණු දින වැඩසටහනේ කොටසක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම මත 2025 පෙබරවාරි මස 13 දින ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නීති රාමුව’ මැයෙන් විශේෂ දේශනයක් පැවැත්විණි.
6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කරයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 18 දින නිලධාරින් සහ සෙසුනිලයන්ගේ සහභාගිත්වයෙන් මුල්ලිවයික්කාල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වෙයි
කඳාන, ලක්පහන ජාත්‍යන්තර පාසලේ අභිනවයෙන් පත්කරනු ලැබූ ශිෂ්‍ය නායකයින් වෙත නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 පෙබරවාරි මස 14 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර් ද එස්. ධර්මවික්‍රම RSP සහභාගි විය.