සිවිල් ක්‍රියාකාරකම්
ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී කවීශ්වර වේළුවනාරාම ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025 මාර්තු මස 02 දින එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. එම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය හිමිපාණන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ කොඩිතුවක්කු RSP USP psc IG සහභාගි විය.
ගංවතුරෙන් අවතැන් වූවන්ට 242 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් සහන සැලසීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් දියත් කරයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොතුවිල්, පානම සහ නීලගිරිය ප්‍රදේශවල පැවති ගංවතුර තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වමින් 242 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් සහන සැලසීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාලය පිරිසිදු කරයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ මඟපෙන්වීම හා 51 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 10 රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 28 දින මාතගල්, ශාන්ත ජෝෂප් විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කර පින්තාරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ඊ.ඒ එදිරිසිංහ RWP RSP psc ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් මෙට්ට 40 ක් සහ පොල් පැළ 40 ක් බෙදාදෙන ලදී. මාවනැල්ල ප්‍රදේශයේ වෙසෙන සුමේධ මොලිගමුව මහතාගේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් නායයෑමකට ලක්වූ නිවසක සිරවී සිටි පුද්ගලයෙකු මුදවාගනී කන්දෙගෙදර සාරන්‍යා දමිළ විද්‍යාල පරිශ්‍රයේදී 2025 මාර්තු මස 03 දින ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 1 බලඇණිය ගැමුණු හේවා බලකා
කන්දෙගෙදර සාරන්‍යා දමිළ විද්‍යාල පරිශ්‍රයේදී 2025 මාර්තු මස 03 දින ක්‍රියාත්මක කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ලබාදුන් 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රය අසල නායයෑමකට ලක්වූ නිවසක සිරවී සිටි පුද්ගලයෙකු මුදවාගැනීමට කටයුතු කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි මූලිකත්වයෙන් පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම මත 8 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 26 දින හිඟුරාන, ශාන්ත අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් වෙරළබඩ ප්‍රදේශය සහ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් වෙරළබඩ ප්‍රදේශය සහ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 01 දින සිදුකරනු ලැබූහ.
233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සරස්වතී පෙර පාසල සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකරයි
කතිරවේලි, පුදුර් හි පිහිටි සරස්වතී පෙර පාසල, පුදුර් ගම්මානයේ ළමුන් 41 දෙනෙකුට මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලබා දෙන අතර, වසර 16 ක් මුළුල්ලේ සේවයේ නියුතු විශිෂ්ට ගුරුවරියක් ඇතුළු තුන් දෙනෙකුගෙන් යුත් ගුරු මඩුල්ලකින් සමන්විත මෙම පෙර පාසල මඟින් බොහෝ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට මූලික කාර්යභාරයක් ඉටුකර ඇත.එසේ වුවද එම පෙර පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී පුටුමේස, ජල පද්ධති සහිත නිසි සනීපාරක්‍ෂක පහසුකම්, ගොඩනැගිලි නඩත්තුව සහ මුළුතැන්ගෙය වැනි අත්‍යාවශ්‍ය සම්පත් වල හිඟතාවයකට මුහුණ දී තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස්හි සහාය
10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 24 දින මන්තෙයි, තිරුකේෂ්වරම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
55 පාබල සේනාංකයේ භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සහාය දක්වයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ‘සුන්දර වෙරළ තීරයක් සහ ආකර්ශනීය සංචාරක ගමනාන්තයක්’ යන තේමාව යටතේ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පූනරින් සහ අලිමංකඩ වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 23 දින ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත, භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.