before 2024

පසුගිය පුවත්

Select Article Types

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

2024-08-06

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී නිකවැව ස්ථාපිත ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාසලේ 2024 ජූලි මස 23 දින නිල සංචාරයක නිරත විය. එම අවස්ථාවේදී උසස් ගුවන් සංක්‍රමික බලඇණි පුහුණු පාඨමාලා අංක- 2 හි සමාරම්භක දේශනය එතුමන් විසින් සිදු කරනු ලැබීය.
තව කියවන්න

‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සාර්ථකව විසිර යයි

2024-08-06

අම්පාර සටන් පුහුණු පාසලේ ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 104’ සහතිකපත්‍ ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අගෝස්තු මස 05 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
තව කියවන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යුද්ධ හමුදා සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට

2024-08-05

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හට 2024 අගෝස්තු මස 05 දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
තව කියවන්න

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව සාර්ථකව විසිරයයි

2024-08-05

ප්‍රතිත්‍රස්ථ යුද උපක්‍රම හා කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාව නිලධාරි අංක - 34, සෙසුනිල අංක -37 සහ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක -76 යන පාඨමාලාවන් හැදැරූ නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසුනිලයන් 246 දෙනෙකුගේ විසිර යාමේ පෙළපාලිය 2024 ජූලි මස 31 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වූහ.
තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මන්නාරම රදගුරු හමුවී මඩු දේවස්ථානය වන්දනා කරයි

2024-08-05

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 අගෝස්තු මස 03 දින මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් බැහැදැකීම සඳහා බිෂොප් නිලනිවස වෙත පැමිණියේය. ඔවුන්ගේ සුහද සාකච්ඡාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත රදගුරුතුමා සිය සුබ පැතුම් එක් කළේය.
තව කියවන්න

අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

2024-08-05

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධව සිට, වසර 81ක් ආයු වළදා 2024 අගෝස්තු මස 04 දින අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.
තව කියවන්න

11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව පොකුණුගල විහාරස්ථානයට දහවල් දානය පිරිනමයි

2024-08-04

241 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී උපදෙස් පරිදි 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි මේජර් කේ.එස්.කේ. කරුණානායක උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ඒම ඒකකයේ භට පිරිස් විසින් පොකුණුගල විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් 2024. ජූලි මස 30 දින දවල් දානය පිරිනැමිමේ පිංකමක් සංවිධානය කරන ලදි.
තව කියවන්න

අධ්‍යක්‍ෂ ජනරාල් පාබල ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

2024-08-04

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජනරාල් පාබල සහ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී 2024 ජූලි මස 29 දින ආරක්‍ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වූයේය.
තව කියවන්න

මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී

2024-08-02

මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරු සහ එය වැළැක්වීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජූලි 31 දින කාතන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
තව කියවන්න

රණවිරු සවියෙන් අස්වැද්දූ රිදියගම කුඹුරු යායේ වී අස්වනු නෙළයි

2024-08-02

රිදියගම ප්‍රදේශයේ අස්වැද්දූ අක්කර 30ක වී අස්වැනු නෙලීම 2024 ජූලි මස 30 දින පැවැත්විය. මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූයේය.
තව කියවන්න