අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

5th August 2024

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධව සිට, වසර 81ක් ආයු වළදා 2024 අගෝස්තු මස 04 දින අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.

පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් යුද්ධ හමුදාධිපති තුමන් විසින් අපවත් වී වදාල පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ ශෝකය පළ කළේය. පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් අති විශාල සමාජ මෙහෙවරක නිරත වූ යතිවරයාණන් වහන්සේ නමක් වූහ.

අනතුරුව ඥාණිස්සර හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ස්ථානය වෙත ගිය යුද්ධ හමදාධිපතිතුමන් එහි කටයුතු නිරීක්ෂණය කළේය. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු 2024 අගෝස්තු මස 05 දින සිදුකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.