before 2024
පසුගිය පුවත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි
2024-06-07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ජුනි මස 04 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
තව කියවන්න
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
2024-06-03
35 වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස්...
තව කියවන්න
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්
2024-06-02
‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2024’ තරඟාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මැයි මස 12 සිට 16 දින දක්වා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම මෙම තරඟාවලියේදී සිය දක්‍ෂතා විදහා දක්වමින් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත්වූහ.
තව කියවන්න
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වේයන්ගොඩ ප්‍රදේශයේ වැටී තිබූ ගසක් ඉවත් කරයි
2024-05-29
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇතිවූ අධික සුළං තත්ත්වය හේතුවෙන් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වෙත දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් කඩා වැටී තිබූ ගසක් 2024 මැයි මස 24 දින 141 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.ආර්.ඩී.ඊ.එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කඩිනමින් ඉවත් කරන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි
2024-05-22
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම මැයි මස17 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
තව කියවන්න
553 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක්
2024-05-21
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාව කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහල සමඟ එක්ව තර්මපුරම් ප්‍රාදේශිය රෝහලේ දී 2024 මැයි මස 18 දින රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් වෙසක් උත්සවයට සමගාමීව පවත්වන ලදී.
තව කියවන්න
ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය
2024-05-20
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සටන් කළ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්කර 2024 වර්ෂයේ මැයි මස 19 වන දිනට වසර 15 ක් සම්පූර්ණ වේ. දශක තුනකට අධික කාලයක් රටේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක්...
තව කියවන්න
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2024-05-17
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද...
තව කියවන්න
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
2024-05-16
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති...
තව කියවන්න
පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විසිරයාමේ උත්සවයක්
2024-05-14
පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාවල සහ මූලික පිහිනුම් පාඨමාලාවේ විසිරයාමේ උත්සවයක් 2024 මැයි මස 07 දින පැවති අතර එහිදී, 4 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරණ ලද 2024 පළමු කණ්ඩායම සඳහා සහතික ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණී.
තව කියවන්න