ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් සඳහා ‘Artificial Intelligence and Chat GPT’ යන මැයෙන් දේශනයක්
12th April 2023
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ යුද්ධ හමුදා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුගත් රත්නායකගේ ආරාධනයෙන් සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර විසින් විශේෂ ආරාධිත දේශනයක් පනාගොඩ සංඥා බලකා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී පසුගිය අඟහරුවාදා (4) දින පවත්වන ලදී.
මහාචාර්ය සුරංග නානායක්කාර මහතා එහිදී ‘Artificial Intelligence and Chat GPT’ යන මැයෙන් අධ්‍යාපනික වැදගත්කමකින් යුත් දේශනයක් පවැත්වූ අතර, දේශනය අතරතුර ගැටළු ඉදිරිපත්කර එවාට විසදුම් ලබාගැනීමට ද අවස්ථාව හිමිවිය. මෙම Diner’s Club වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් 95 දෙනෙකු සහභාගී වූහ.
දේශනය අවසානයේදී මේජර් ජෙනරල් සුගත් රත්නායක, මහාචාර්ය සුරංග නානායක්කාර මහතා ලබාදුන් දායකත්වය අගය කරමින්, සමරු තිළිණයක් සහ සංඥා බලකාය පිළිබඳව තොරතුරු ඇතුලත් ග්‍රන්ථයක් ප්‍රදානය කරන ලදී.