‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් දැනුවත් කෙරේ
28th April 2023
යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් අප්‍රේල් මස 26 දින ‘හමුදා පොලීසිය සහ එහි කාර්යභාරය’ තේමාව ඔස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත්වීය.
මෙම දේශනය විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකවල අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.