ඉන්දියානු කමාන්ඩෝ පාඨමාලා අංක - 334, දක්‍ෂතම විදේශීය ශිෂ්‍යයාට’ හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

12th April 2023

ඉන්දියාවේ බෙල්ගාම් කමාන්ඩෝ පුහුණු පාසලේ පවත්වන ලද කමාන්ඩෝ පාඨමාලා අංක - 334 හි ‘දක්‍ෂතම විදේශීය ශිෂ්‍යයාට’ හිමි සම්මානය 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඊ.එම්.කේ.එල් ගුණරත්න හිමිකර ගත්තේය.

මාසයක කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් සිව්දෙනෙකු සහ සෙසු නිලයින් සිව්දෙනෙකු සහභාගී වූහ.

බෙල්ගාම් කමාන්ඩෝ පුහුණු පාසල ඉන්දියානු හමුදාවේ ප්‍රමුඛතම හමුදා පුහුණු පාසලක් වන අතර, මෙමගින් ඉන්දියානු යුද්ධ හමුදාවේ තරුණ සෙබළුන්ට සහ නිලධාරීන්ට කමාන්ඩෝ පුහුණුව ලබාදෙයි.