මින්නේරිය පාබල පුහුණු පාසලේ පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -96’ සාර්ථකව අවසන්

20th April 2023

මින්නේරිය පාබල පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක -96’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (අප්‍රේල් මස 19) දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මින්නේරිය පාබල පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.එම්.ඩබ්ලිව්.කේ ජයලත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් මාස තුනක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ කොමිෂන් නොලත් නිලධාරීන් 43 දෙනෙකු කැපවීමෙන් හා උනන්දුවෙන් පාඨමාලාව හැදෑරූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් ආර්.ජී.ජී.ලක්මිණ සම්මාන දිනාගත්තේය.