593 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් කෝකිලායි විද්‍යාලයට පාසල් උපකරණ පරිත්‍යාගයක්

1st March 2023

ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයේ 593 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් වර්ෂ 1975 – 1980 යන කාලයන් තුලදී කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍ය කණ්ඩායමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ කෝකිලායි විද්‍යාලයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 91 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පෙබරවාරි 27 වන දින පවත්වනු ලැබීය.

593 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක ගේ උපදෙස් මත 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක සහභාගි වූ මෙම උත්සව අවස්ථාව සඳහා 19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, 593 වන පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සෙසුනිලයින් සහ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් පිරිසක් ද එක්ව සිටියහ.