උඩුපිල ප්‍රදේශීය රෝහලේ රෝගීන් 100 දෙනෙකුට 8 ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් දිවා ආහාර
2nd March 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 141 වන පාබල බලසේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (පෙබ 28) දින උඩුපිල ප්‍රාදේශීය රෝහල් සංකීර්ණය අවට පරිසරය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් දියත් කර එහි මාතෘ සායනයට පැමිණි ගැබිණි මව්වරුන් ඇතුළු නේවාසික රෝගීන් 100 දෙනෙකු සඳහා දිවා ආහාර වේලක් ලබා දෙන ලබාදුන්හ.
මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ උපදෙස් මත 141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කරන ලදී.
මෙම සමාජසත්කාරක වැඩසටහන සඳහා 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අයි.ඒ.එල් ඉලේපෙරුම ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගී වූහ.