එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහනේ නියෝජිතයින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ
17th April 2018
‘එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහන’ (Land Forces Pacific Programme) සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ නිලධාරින් 17 දෙනෙකු සහ එක්සත් ජනපද කාර්යාල නිලධාරින් 04 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සඳුදා (16) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී හමුවිය.
ඕස්ට්‍රේලියාවේ එක්සත් ජනපද හමුදා පැසිෆික් විධානයේ උතුරු මුලස්ථානයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ලෙස කටයුතු කරන ලද ඕස්ට්‍රේලියානු හමුදාවේ මේජර් ජෙනරාල් රෝජර් ජේ. නොබෙල් (Major General Roger J. Noble) ප්‍රධානත්වයෙන් යුතු එම මුලස්ථාන නිලධාරින් තිදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස සඳුදා (16) දින උදෑසන බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘එක්සත් ජනපද හමුදා පැසිෆික් වැඩසටහන’ මුලික වටයේ සාකච්ඡාවලින් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, එක්සත් ජනපද පාර්ශ්වකරුවන්ගේ පස් අවුරුදු සැලැස්ම, ආරක්ෂක සහයෝගීතාව වැනි කරුණු සම්බන්ධ ගැටළු විසඳීම සඳහා බුද්ධිමය ධාරිතාව සහ හමුදාමය වැදගත්කම අවධාරණය කරනු ලබන මෙවැනි සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් රොජර් ජේ. නොබෙල් ශ්‍රි ලංකා යුද්ධ හමුදාපතිතුමන් වෙත ද සිය කෘතඥතාව පළ කරන ලදි.
එමෙන්ම කලාපයේ වර්ථමාන සංවර්ධනය සහ අන්නෝන්‍ය වශයෙන් උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන අනෙකුත් කරුණු කාරණා පිළිබඳවද සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහ මේජර් ජෙනරාල් රෝජර් ජේ. නොබෙල් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
මේජර් ජෙනරාල් රෝජර් ජේ. නොබෙල් 2017 වසරේ පැවති කොළඹ ආරක්‍ෂක සමුළුව සඳහා ද සිය දායකත්වය ලබා දී ඇත.
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම හමුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශීය මෙහෙයුම් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
|