උණුසුම් පුවත්
විශ්‍රාම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 11 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
අතිවිශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩකයාහට ප්‍රශංසා කරයි

ප්‍රංශයේ පැරිස් නුවර පැවැති පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත්වු පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II කේ.ඒ. සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර, එය එම තරඟ කාණ්ඩයේ නව ලෝක වාර්තාවක්ද පිහිටුවමිණි.
විශ්‍රාම යන මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපති අගයයි

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.පී.කේ. මදුරප්පෙරුම ආර්එස්පී යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 09 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් "රාජාලි සංදේශය" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් රචිත ‘රාජාලි සංදේශය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 06 දින පැවැත්විය
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සඳහිරු සෑයේ නිරීක්ෂණය චාරිකාවක

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් 2024 අගෝස්තු මස 31 දින "සඳහිරු සෑය" නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවෙයි

බ්‍රිගේඩියර් සලිල් පාණ්ඩේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 84 හි සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවූහ. එම දූත පිරිසට බ්‍රිගේඩියර් ටපෂ් කුමාර් මිශ්‍රා, එයාර් කොමදෝරු රාමචන්ද්‍ර වෙන්කටේෂ්වර ප්‍රකාශ් සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි ඇතුළත් විය.
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේස පන්දු තරඟාවලිය - 2024 පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2024, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු මස 27 දින සිට 29 දක්වා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් යුද්ධ කණ්ඩායම් 11 කින් ක්‍රීඩකයින් 50 කට අධික පිරිසක් සහභාගී වූහ.
553 පාබල බලසේනාවේ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 553 පාබල බලසේනා පරිශ්‍රයේ ඉදිකළ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී.
මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 10 වන අදියරේ අවසන් යුද අභ්‍යාසය නිරීක්ෂනයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 23 දින පැවැත්විණි.