උණුසුම් පුවත්

Clear

පොපි මල් දිනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මලක් පළඳවයි

2024-11-08

පොපි මල් දිනයට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් විසින් අද (07) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පොපි මලක් පැළඳවීය.


ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසක් මෙරට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හමුවෙයි

2024-10-23

කර්නල් ලාරා ට්‍රෝයි සීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් කර්නල් අමන්දා ජොන්ස්ටන් (ආරක්‍ෂක උපදේශක), කර්නල් එමා මාරි තෝමස් (නවසීලන්තය) සහ ආරක්‍ෂක සහ උපායමාර්ගික පාඨමාලාව - 2024 හි කර්නල් ඇන්ඩෲ ගෝර්ඩන් ටෙම්පල් කර්බි යන ඕස්ට්‍රේලියානු දූත පිරිසක් 2024 ඔක්තෝබර් මස 21 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.


කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2024-10-16

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 14 සහ 15 දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එහිදී, උපාය මාර්ගික අධ්‍යයනය සහ ජාත්‍යන්තර සබඳතා, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, නීතිය, කළමනාකරණය, සෞඛ්‍ය විද්‍යාව, නිර්මිත පරිසරය හා අවකාශීය විද්‍යාව‍, පරිගණක තාක්‍ෂණය ඇතුළු විවිධ අධ්‍යයන විෂයයන්හි උපාධි අපේක්‍ෂකයින් වෙත උපාධි සහතිකපත් පිරිනැමිණි.


ඉන්දීය නියෝජිත පිරිසක් මෙරට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හමුවෙයි

2024-10-14

ඉන්දියාවේ ආරක්‍ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් කේදාර් දත්තත්‍රයා ගුප්තේ (Kedar Dattatraya Gupte), ගෲප් කපිතාන් දිපේන්ද්‍ර භදෝරියා (Dipendra Bhadoria), කර්නල් කුනාල් රමේෂ් ලෝනාරි (Kunal Ramesh Lonari) සහ ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගී (Lieutenant Colonel Mandeep Singh Negi) යන නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩු හමුවිය.


ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන් වෙනුවෙන් නවාතැන් පහසුකම් සංකීර්ණයක්

2024-10-12

කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නව නවාතැන් පහසුකම් ගොඩනැගිලි දෙකක් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 11) දින සන්ධ්‍යාවේ පැවති උත්සවයකදී විවෘත කෙරිණි.


යුද්ධ හමුදා සංවත්සර දින රාත්‍රී භෝජන සංග්‍රහය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී

2024-10-11

යුද්ධ හමුදා දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලයන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ඇතිකිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී බ්‍රහස්පතින්දා (10) දින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 25 නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගී වී සිටි අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව වෙතින් විශේෂ මුද්දරයක් නිකුත් කෙරේ

2024-10-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙතින් බ්‍රහස්පතින්දා (10) දින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය. යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.


75 වන යුද්ධ හමුදා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවුඩය

2024-10-10

ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 75 වන යුද්ධ හමුදා දින පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.


අභාවප්‍රාප්ත කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාචාරය

2024-10-08

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ දේහය වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 2024 ඔක්තෝම්බර් මස 08 දින ජයරත්න මල්ශාලාවේ දී සිය ගෞරවාචාරයන් පුදකළේය.


විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2024-10-07

වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.