උණුසුම් පුවත්
75 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද එක්කරමින් කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ විශේෂ ඉස්ලාමීය ආගමික වැඩසටහනක්

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සර්ව ආගමික ආශිර්වාද වැඩසටහන් මාලාවේ තවත් එක් ආශීර්වාද පූජාවක් 2024 ඔක්තෝබර් මස 03 දින උදෑසන කොල්ලුපිටිය, ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. ඒ සඳහා යුද්ධ හමුදා සේවයේ නියුුතු මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 2024 ඔක්තෝබර් මස 02 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී නව ආරක්‍ෂක ලේකම් වශයෙන් ධූරයේ රාජකාරි භාරගනු ලැබූ එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී (දෙවරක්) ආර්එස්පී යූඑස්පී එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය) එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන) එෆ්එන්ඩීයූ (චීනය) පීඑස්සී හමුවිය.
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව හින්දු ආගමික ආශිර්වාද ලබාගැනේ

ඔත්තෝබර් මස 10 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 75 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු ආගමික ආශීර්වාද ලබාගැනීමේ ‘ආශිර්වාද’ පූජාව කොළඹ 06, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී 2024 ඔක්තෝබර් මස 02 දින පැවැත්විණි.
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

වර්ෂ 2024 ඔක්තෝබර් මස 10 දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව 2024 සැප්තැම්බර් මස 30 දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව සුභසාධන පහසුකම් සංකීර්ණය විවෘත කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 29 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සුභසාධන පහසුකම් සංකීර්ණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි හි සංචාරයක

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා යුද බිමේ නිර්භීතව සටන්කර රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයෙහි සංචාරයක නිරත වූහ.
ගජබා රෙජිමේන්තුවේ 14 වන නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් සංකේතාත්මකව එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය සංකේතවත් කරනු ලබන යශ්ඨිය නව රෙජිමේන්තු අධිපති වශයෙන් පත්කරනු ලැබූ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත පිරිනැමීය.
යුද්ධ හමුදා ජූඩෝ ශූරතාවය - 2024 ගජබා රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ ශූරතාවලිය - 2024, ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 25 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී නිලධාරිතුමන්ගේ කීර්තිමත් සේවය යුද්ධ හමුදාධිපතිතුමන් අගයයි

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 13 දින සිය කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
ධූරයෙන් නික්ම යන සේනාවිධායකතුමන් වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 14 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.