යුද හමුදාව විසින් ඉදි කරනු ලැබූ අලිමංකඩ නව දුම්රිය ස්ථානය මහජනතාව සඳහා විවෘත කෙරේ
29th October 2016
යාපනය මහනුවර ඒ 9 මාර්ගය ආසන්නයේ නවතමයෙන් ඉදි කරනු ලැබූ අලිමංකඩ දුම්රිය ස්ථානය සිකුරාදා (28) දින විවෘත කරන ලද අතර, මේ සඳහා මූල්‍ය දායකත්වය මුළු දිවයිනෙහිම පාසල් සිසුන් හා ගුරුවරුන් සමස්ථ ප්‍රජාව විසින් සපයන ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබූ දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රතිසංස්කරණ කටයුත සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
මෙහිදී අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යුද හමුදාපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහයෝගය ලබා දුන් අතර, සන්හිදියාව වෙනුවෙන් නිර්මාණය කළ මෙම ව්‍යාපෘතිය ‘සෙනෙහසක තොටුපලක්’ නමින් නම් කර ඇත.
යුද හමුදා ඉංජිනේරුවන් විසින් සති කිහිපයක් තුළ නිම කරන ලද මෙම ව්‍යාපෘතිය නිළ වශයෙන් ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාර දෙන ලදී.
හොද හිත සහ සහජීවනය ශක්තිමත් කිරීමේ අදිටනින් යුතුව සිකුරාදා (28) පැවති මෙම දුම්රිය ස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සඳහා කොළඹ සිට යාපනය දක්වා දුම්රිය මගින් පාසල් සිසුන් 800 ක් පමණ සහභාගි වූ අතර, උතුරේ පාසල් සිසුන් ද මේ අවස්ථාව සඳහා එක් වූහ. එහිදී එම සිසුන් විසින් ඔවුන්ගේ අදහස් හුවමාරු කරගනිමින් සුහදත්වය වර්ධනය කර ගනු ලැබීය.
එහිදී අධ්‍යාපන අමාත්‍ය මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් විසින් දුම්රිය ස්ථානය විවෘත කිරීමේ පලකය නිරාවරණය කරමින් දුම්රිය ස්ථානය විවෘත කරනු ලැබූ අතර, නියෝජ්‍ය අමාත්‍යවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා, ප්‍රවාහන අමාත්‍ය නියෝජ්‍ය ගරු අශෝක් අබේසිංහ මහතා, ළමා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සමගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී, කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, කිළිනොච්චි නියෝජ්‍ය පොලිස්පති, කිළිනොච්චි සහකාර දිස්ත්‍රික් ලේකම් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.
|