ෆිජි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ
16th November 2016
ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් බදාදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
සංචාරක ෆිජි හමුදා නිලධාරී වෙත යුද හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, අධ්‍යක්ෂ ක්‍රියාන්විත බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුදා ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.
මෙහිදී ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී, භූමි හමුදා ආඥාපති කර්නල් ස්ටෙනෆා මොටුෆාගා සහ ෆිජි හි ශ්‍රී ලංකා කවුන්සලර් ජෙනරාල් පරාක්‍රම දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිස යුද හමුදාපතිතුමා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරනු ලැබීය.
එම සාකච්ඡාව අවසානයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ සංචාරක බ්‍රිගේඩියර් ජෙනරාල්වරුන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය සහ හොද හිත වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.
මෙම හමුව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම ද එක් විය.
සංචාරක නියෝජ්‍ය හමුදා ප්‍රධානී යුද හමදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියස දී ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් සමන්ත වික්‍රමසේන විසින් පිළිගත් අතර, කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමනු ලැබීය.
|