නව ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමු වේ

23rd November 2016

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති බදාදා (23) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.

එහි පැමිණි ගුවන් හමුදාපති වෙත ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, යුද හමුදා මුලස්ථාන, මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අනිල් සෝමවීර විසින් ගුවන් හමුදාපතිතුමන් පිළිගනු ලැබීය.

ඉන් පසු එයාර් මාර්ෂල් කපිල ජයම්පති වෙත අචාර සම්මාන පෙළපාලිය පිරිනැමීමට ප්‍රථම යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍රමරත්න විසින් ප්‍රධාන පිඨීකාව වෙත කැදවාගෙන යන ලදි.

අනතුරුව ගුවන් හමුදාපතිතුමන්ව හමුදාපති ලේකම් කාර්යාලයේ දී යුද හමුදාපතිතුමා විසින් පිළිගත් අතර, ඔහුගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ද හදුන්වා දෙනු ලැබීය.

මෙම හමුවේ දී යුද හමුදාපතිතුමා සහ ගුවන් හමුදාපතිතුමා වැදගත් වූ කරුණු රැසක් සාකච්ඡා කරමින් සුහඳ පිළිසඳරක නිරත විය.

එමෙන්ම, මෙම හමුව අවසානයේ ගුවන් හමුදාපති සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.

තවද, ගුවන් හමුදාපති විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබිමට ද අමතක නොකලහ.

මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් උභය මැදවල, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

|