යුද හමුදාව අනෙකුත් හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සමඟ එක්ව ඩෙංගු මර්ධන වැඩසටහනක
1st February 2017
බස්නාහිර පලාතේ වේගයෙන් පැතීර යන ඩෙංගු වසන්ගතය මර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද හමුදාව, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියගණනක් වු භට පිරිස් සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 60 ක පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් බදාදා (01) දින ආරම්භ කළහ.
දිනය පූරා පැවති මෙම වැඩසටහන, යුද, නාවික, ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 300 වැඩි පිරිසක් අදාල පාසල් 60 හි සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ එක්ව, කොලොන්නාව, මාදින්නාගොඩ, කොටුවිල, මීතොටමුල්ල, බත්තරමුල්ල, කඩුවෙල, වැලිවිට, පිටකොටුව, උඩහමුල්ල, කොට්ටේ, හංවැල්ල, හෝමාගම, පානළුව, වටරැක, කහතුඩුව, මත්තේගොඩ, දීපන්ගොඩ, කිරිවත්තුඩුව, පාදුක්ක, බෝපේ ඇතුලු තවත් ඒ අවට ප්‍රදේශයන් ආවරනය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්ෂක අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ඉල්ලීමකට අනුව මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 11 වන විජයබාහු පාබල රෙජිමේන්තවේ, 14 වන සේනාංකයේ, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 9 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 10 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් ද ඇතුලු යුද හමුදා සාමාජිකයින් 180 ක් සහභාගි වූහ.
මෙම එක්දින වැඩසටහනේ දී යුද හමුදාව විසින් පාසල් 47 ක් ආවරනය කළ අතර, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් විසින් පාසල් 13 ක් ආවරනය කරන ලදි.
කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම පවතින බැවින් සහ මරණ අනුපාතය වැඩි වී ඇති බැවින් මෙම ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය වෙත උපදෙස් ලබාදෙමින් මෙම වැඩසටහන සඳහා උපරිම දායකත්වය ලබාදෙන ලෙස අවධාරණය කළහ.
කොළඹ දිස්ත්‍රික්කයේ බදාදා (01) දින මෙම ශ්‍රමදාන වැඩසටහන මගින් ආවරණය කරන ලද පාසල් පහත සඳහන් වේ.
01. කොලොන්නාව බාලිකා විද්‍යාලය
02. ටෙරන්ස් විද්‍යාලය
03. හෙන්රි ඕල්කට් විද්‍යාලය
04. මීතොටමුල්ල රාහුල විද්‍යාලය
05. ජනාධිපති බාලිකා විද්‍යාලය, මාදින්නාගොඩ
06. ගොතටුව මහා විද්‍යාලය
07. රාජසිංහ විද්‍යාලය, කොටිකාවත්ත
08. පකාවිසී පෙර පාසල, මෙගොඩ කොලොන්නාව
09. ශ්‍රී ධර්මපාල විද්‍යාලය, කොටිකාවත්ත
10. විද්‍යාවර්ධන විද්‍යාලය, කොලොන්නාව
11. ගාමිණි විද්‍යාලය, කොටුවිල
12. සිද්ධාර්ථ විද්‍යාලය, කොටුවිල
13. විද්‍යාවර්ධන විද්‍යාලය
14. එම්ඩිඑච් මහා විද්‍යාලය
15. සුභුති විද්‍යාලය
16. බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය
17. සාන්ත මරියා විද්‍යාලය, වැලිවිට
18. ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය
19. ශාන්ත තෝමස් විද්‍යාලය, පිටකොට්ටේ
20. ආනන්ද ශාස්ත්‍රාලය
21. ස්ටැන්ලි තිලකරත්න විද්‍යාලය, උඩහමුල්ල
22. කේබල් විද්‍යාලය (ඉදිකිරිම් වැඩබිම)
23. රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය, පහත්ගම
24. වලව්වත්ත කනිෂ්ඨ විද්‍යාලය
25. නිරිපොල කනිෂ්ඨ විද්‍යාලය
26. මාවතගම කනිෂ්ඨ විද්‍යාලය
27. සුමනජෝති මහා විද්‍යාලය
28. දිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලය
29. බොරළුගොඩ මහා විද්‍යාලය, කහහේන
30. වැලිකන්න රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලය
31. ලහිරුගම කනිෂ්ඨ විද්‍යාලය
32. සිරි නිවස වත්ත දෙමළ විද්‍යාලය
33. ශාන්ත මරියා විද්‍යාලය
34. ජනාධිපති විද්‍යාලය
35. සි. සි. දෙමළ ප්‍රාථමික විද්‍යාලය
36. අලුත් අම්බලම කනිෂ්ඨ විද්‍යාලය
37. කොස්ගම මහා විද්‍යාලය
38. හෝමාගම මහා විද්‍යාලය
39. පානලුව කනිෂ්ඨ විද්‍යාලය
40. වටරැක කනිෂ්ඨ විද්‍යාලය
41. විද්‍යාදීප විද්‍යාලය, මත්තේගොඩ
42. දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය
43. මේධානන්ද මහා විද්‍යාලය
44. කිරිවත්තුඩුව විජේවර්ධන විද්‍යාලය
45. අංගමුව කනිෂ්ඨ විද්‍යාලය
46. එම්.ඩි.එච්. ජයවර්ධන විද්‍යාලය, උඩහමුල්ල
47. බෝපේ රාජසිංහ මහා විද්‍යාලය
|