යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම ලේක් හවුස් ‘අමාදහර’ වෙසක් කලාපය වර්ණවත් කරයි
14th May 2017
ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා (13) දින සන්ධ්‍යාවේ ලේක් හවුස් වටරවුමේ පැවති ‘අමාදහර’ වෙසක් කලාපයේ වෙසක් බැති ගී වැඩසටහන සඳහා සහභාගි වූහ.
ලේක් හවුස් බලධාරීන්ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
එහිදි යුද්ධ හමුදා කණ්ඩායම ලේක් හවුස් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සමග එක්ව ඔවුන්ගේ කලා කුසලතාවන් ප්‍රදර්ශනය කරනු ලැබීය.
එසේම, යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් පසුගිය දින තුන පූරාවට දිවයින පූරා වෙසක් කලාප වර්ණවත් කිරිම සඳහා සිය දායකත්වය දක්වනු ලැබූහ.
|